නීති විරෝධිව ගෙනා රු. කෝටි 35කට ආසන්න කොටස් කළ සුඛෝපභෝගි මෝටර් රථ 03ක් ඇතුළු භාණ්ඩ තොගයක් රේගු භාරයට

0
ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයකින් තොරව රේගු නිලධාරීන්ට 2,308,694,777ක් දිරි දීමනා ගෙවලා

ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයකින් තොරව රේගු නිලධාරීන්ට 2,308,694,777ක් දිරි දීමනා ගෙවලා

රුපියල් කෝටි 35කට ආසන්න වටිනාකමින් යුත් නීති විරෝධිව මෙරටට ගෙන එන ලද, කොටස් කළ සුඛෝපභෝගි මෝටර් රථ 03ක් ඇතුළු භාණ්ඩ තොගයක් රේගු භාරයට ගෙන තිබේ.

සැකසහිත බහලුමක් විවෘත කර පරීක්ෂා කිරීමේදී රේගු නිලධාරීන් විසින් (06) මෙම භාණ්ඩ තොගය සොයා ගෙන ඇත. වාහන අමතර කොටස් ලෙස බහාලුම මෙරටට රැගෙනවිත් ඇත්තේ, ඩුබායි රාජ්‍යයේ සිට බව, රේගුව ප්‍රකාශ කළේය.

අදාළ බහාලුමේ තිබී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ මහා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත සුවඳ විලවුන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය, විදේශීය මත්පැන්, ඔලිව් ඔයිල් හා විදේශීය දුම්වැටි තොගයක්ද, සොයා ගෙන ඇත. බහාලුම මෙරටට ගෙන්වා තිබුණේ, කොළඹ කොටුවේ චැතැම් විදියේ පිහිටි ආයතනයක නමටයි.

මෙමගින් රජයට අහිමීවීමට ගිය මුළු භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි 22ක් පමණ වන බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com