ඉන්ධන ඇනවුම් නොකළ පිරවුම්හල් 121 ගැන විමර්ශනයක්

ඉන්ධන ඇනවුම් නොකළ පිරවුම්හල් 121 ගැන විමර්ශනයක්

ඉන්ධන ඇනවුම් නොකළ පිරවුම්හල් 121 ගැන විමර්ශනයක්

මිල සංශෝධනය කරන බවට නිවේදනය කිරීමත් සමග ඉන්ධන ඇනවුම් නොකළ පිරවුම්හල් 121ක් පිළිබද විමර්ශනයක් සිදු කෙරෙනවා.

පසුගිය සතියේ සියලුම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ඇනවුම් කළ හා පවත්වාගෙන ගිය තොග පිළිබද දත්ත ලංකා ඛණිජතෙල් සංස්ථාව සමාලෝචනය කරමින් සිටින බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කරනවා.

පසුගිය මැයි මස 27 වනදා සිට 31 වනදා දක්වා ඉන්ධන පිරවුම්හල් 121ක් කිසිදු ඇනවුමක් ලබාදී නැහැ. තවත් බොහෝ පිරිවුම්හල් අවම තොග පවත්වා ගැනීමට ප්‍රමාණවත් ඇනවුම් ලබාදී නැති බව මූලික වාර්තාවලින් හදුනාගෙන ඇති බව අමාත්‍යවරයා සදහන් කරනවා.

ලංකා ඛණිජතෙල් සංස්ථාව යටතේ පවතින පිරවුම්හල් සියයට පනහක අවම තොගයක් පවත්වාගෙන යාම අවශ්‍යවනවා. කොන්ත්‍රාත්තුවේ කොන්දේසි උල්ලංඝනය කර ඇති ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර සමාලෝචනය කිරීමෙන් පසු අවසන් තීරණය ගන්නා බවයි ට්විටර් පණිවුඩයේ සදහන් වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *