රාජ්‍ය භාෂා භාවිතයේදී මතුවන ගැටලු විසදා ගැනීමට 1956 දුරකතන අංකයට අමතන්න

රාජ්‍ය භාෂා භාවිතයේදී මතුවන ගැටලු විසදා ගැනීම සදහා 1956 දුරකතන අංකය
රාජ්‍ය භාෂා භාවිතයේදී මතුවන ගැටලු විසදා ගැනීම සදහා 1956 යන දුරකතන අංකයක් හදුන්වාදී තිබේ. එම අංකය ඇමතීමෙන් එම ගැටලු විසදා ගත හැකි බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අදාළ විවිධ වැඩසටහන් සම්පාදනය කර තිබේ. ඒ අනුව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය රටතුළ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සොයා බැලීමේ එක් ක්‍රමෝපායක් වශයෙන් 1956 භාෂා ඇමතුම් මධ්‍යස්ථානය ආරම්භ කර ඇත. ජනතාවට එදිනෙදා භාෂා භාවිතයේදී මතුවන ගැටලු නිරාකරණය කර ගැනීම මෙම මධ්‍යස්ථානය හරහා සාර්ථකව සිදුකර ගත හැකිය. 1956 අංකය ඇමතිමෙන් ඉතා කාර්යක්ෂමව ඕනෑම පුද්ගලයෙකුට භාෂා ගැටලු විසදා ගැනීමට හැකිවන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.