ගුරු මාරු කිරීම් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

2022 වසරේ ජාතික පාසල් ගුරු මාරු කිරීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය දෙසැම්බර් 31වන දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුවරුන් ලබන 12 වනදා වන විට සේවා ස්ථානයට වාර්තා කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.

අභියාචනා ඉදිරිපත් කරන්නේ නම් සේවයට වාර්තා කිරීමෙන් පසු විදුහල්පති මගින් එම අභියාචනය ගුරුමාරු අංශයට යොමුකළ හැකිය.

මේ සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අංශයට පෞද්ගලිකව පැමිණීම අවශ්‍ය නොවන බවට අවධාරණය කර ඇත. එමෙන්ම අභියාචනා අයදුම්පත් පිළිබද තීරණය කඩිනමින් දැනුම් දෙන බවට ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *