අමෙරිකානු ණය සීමාව ඉහළ නැංවීමට අමෙරිකානු ජනාධිපතිවරයා සහ රිපබ්ලිකන් පක්ෂය අතර එකඟතාවක්

අමෙරිකානු ණය සීමාව ඉහළ නැංවීමට අමෙරිකානු ජනාධිපතිවරයා සහ රිපබ්ලිකන් පක්ෂය අතර එකඟතාවක්

අමෙරිකානු ණය සීමාව ඉහළ නැංවීමට අමෙරිකානු ජනාධිපතිවරයා සහ රිපබ්ලිකන් පක්ෂය අතර එකඟතාවක්

අමෙරිකානු ණය සීමාව ඉහළ නැංවීමට සහ ණය පැහැර හැරීම වළක්වා ගැනීමට අමෙරිකානු ජනාධිපතිවරයා සහ රිපබ්ලිකන් පක්ෂය අතර එකඟතාවක් ඇති කරගෙන තිබේ.

ඊට අදාළ ගිවිසුමකට එළඹීමට නියමිත බව අමෙරිකානු කථානායක කෙවින් මැකාති ප්‍රකාශ කර ඇත.

ණය සීමාව ඉහළ නැංවීමට කටයුතු නොකළහොත් ජුනි 05වන දිනෙන් පසු භාණ්ඩාගාරය හිස්වනු ඇති බව අමෙරිකානු භාණ්ඩාගාරය මීට පෙර දැනුම් දී තිබුණි.

ඒ අනුව, අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 31.4කින් ණය සීමාව ඉහළ නැංවීම සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා සහ රිපබ්ලිකන් පක්ෂ නායකයා අතර එකගතාව පළවී ඇති බව වාර්තා වෙයි.

මෙම එකඟතාව අමෙරිකානු ජනතාවට සුදුසු නමුත් තවදුරටත් වෙහෙස වී වැඩකළ යුතුව ඇති බව රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *