O/L සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
O/L සිසුන්ගේ ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා තවදුරටත් අවකාශය පවතින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
නමුත්, online මගින් එම සංශෝධන සිදු කිරීමට ලබා දුන් කාලය මේ වනවිට අවසන්ව ඇති බවයි ඒ මහතා පවසන්නේ.
මේ අතර, සාමාන්‍ය පෙළ සිසුන්ට නිකුත් කරන විභාග ප්‍රවේශ පත්‍ර රඳවා තබා ගැනීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා සියලු විදුහල්පතිවරුන්ට (25) දින නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනු ලැබුවා.