ජපාන සහයෙන් බෞද්ධ සරසවියක්

ජපාන සහයෙන් බෞද්ධ සරසවියක්; විහාර දේවාලගම් පනත සංශෝධනය මහ නාහිමිවරුන්ගේ අනුශාසනාවට

ජපාන සහයෙන් බෞද්ධ සරසවියක්; විහාර දේවාලගම් පනත සංශෝධනය මහ නාහිමිවරුන්ගේ අනුශාසනාවට

(20)වැනි දා දින මහනුවරට ගිය ජනාධිපතිවරයා එහිදී මහානායක හිමිවරුන් බැහැ දැක ආශීර්වාද ලබා ගත් බවට ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ, එළඹෙන ජපාන සංචාරයේදී ථෙරවාදී බුදුදහම අධ්‍යයනය කිරීමට මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපානයේ ආධාර ලබාගැනීමට තමන් බලා⁣පොරොත්තු වන බවය.

මේ අතර බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම සහ ථෙරවාදී භික්ෂු කතිකාවතක් ඇති කිරීමට අදාල පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන්ගේ අනුශාසනාව ලබා ගැනීම සඳහා පිළිගැන්වීය.

අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සහ බෞද්ධ ප්‍රකාශන ග්‍රන්ථ නියාමන පනත සඳහා සංශෝධන සකස් කරන ලෙසද ජනාධිපතවරයා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *