අධිවේගී මාර්ගයේ වේග සීමාව අඩු කරයි

දින 02ක කාලය තුළ අධිවේගී මාර්ගයේ ආදායම කෝටි 10 ඉක්මවයි
අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන පැදවීමේදී පැයට කිලෝමීටර 60 සීමාවේ තබාගෙන සිය වාහන පදවන ලෙස අධිවේගී මාර්ග රථ වාහන කොට්ඨාසය රියැදුරන්ට දන්වා සිටී.
එමෙන්ම වාහන අතර පරතරයක් තබාගෙන ගමනාන්තය දක්වා සිය වාහනය පදවන ලෙස රියැදුරන්ට දැනුම් දී තිබේ.
අඳුර ආලෝකය පවතින බැවින් ඉදිරිපස හා පසුපස ලාම්පු දල්වාගෙන ධාවනයේ යෙදෙන ලෙස වැඩිදුරටත් දන්වා සිටී.