කෝටි 16ක ෂීෂා යන්ත්‍ර සඳහා ගන්නා මත්ද්‍රව්‍ය වරායේදී අල්ලයි

කෝටි 16ක ෂීෂා යන්ත්‍ර සඳහා ගන්නා මත්ද්‍රව්‍ය වරායේදී අල්ලයි

ඩුබායි සිට මෙරටට ආනයනය කළ බහාලුමක සූක්ෂ්ම ලෙස සඟවා හොර රහසේ රට තුළට ගෙන ඒමට උත්සහ කළ ‘ෂිෂා’ යන්ත්‍ර සඳහා භාවිතා කරන නිකටින් අඩංගු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8000 අධික තොගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන ඒකකය සමත් වූ බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පැවසීය.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 16කට අධික බවත් එම මත්ද්‍රව්‍ය තොගය ග්‍රෑම් 50 යේ පැකට් 160,200ක් ලෙස ගබඩා කර තිබූ බවත් ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාර නාමයක් ව්‍යාජ ලෙස භාවිත කරමින් මෙම මත්ද්‍රව්‍ය තොගය ආනයන කර තිබූ බවද රේගුව කීය.

ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ යූ. කේ. අසෝක රංජිත් මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ චාන්දනී සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් පරිදි මෙම වැටලීම ක්‍රියාත්මක කළ බවද රේගුව වැඩි දුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *