ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනිමේ සහ ඇෆ්ගනිස්තාන තරගාවලිය සදහා මුලික සංචිතයක් නම් කරයි

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනිමේ සහ ඇෆ්ගනිස්තාන තරගාවලිය සදහා මුලික සංචිතයක් නම් කරයි

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනිමේ සහ ඇෆ්ගනිස්තාන තරගාවලිය සදහා මුලික සංචිතයක් නම් කරයි

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනිමේ සහ ඇෆ්ගනිස්තාන තරගාවලිය සදහා 30 දෙනෙකුගෙන් සමන්විත මුලික සංචිතයක් නම්කර තිබෙනවා.

සිම්බාබ්වේ හි පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනිමේ තරගාවලිය හා ඇෆ්ගනිස්තාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් ක්‍රීඩකයින් 30 දෙනෙකු ඇතුලත් ශ්‍රී ලංකා මුලික සංචිතය නම් කිරීමට පියවර ගෙන ඇත.

පිතිකරුවන් 7 දෙනෙකු, වේග පන්දු යවන්නන් 9 දෙනෙකු, තුන් ඉරියව් ක්‍රීඩකයින් 8 දෙනෙකු, දග පන්දු යවන්නන් 3 දෙනෙකු හා කඩුලු රකින්නන් 3 දෙනෙකු සංචිතයට ඇතුලත් බව වාර්තා වෙයි.

ආබාධයකට ලක්ව සිටි දුෂ්මන්ත චමීරද මාස 7 කට පසු ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබෙනවා. වසර දෙකකට පසු කුසල් ජනිත් පෙරේරා එක්දින සංචිතයට කැදවා ඇති අතර ඇන්ජලෝ මැතිවුස් ද මුලික සංචිතයට ඇතුලත් ය.

මතීෂ පතිරණ, දුෂාන් හේමන්ත, ලක්ෂාන් සදකැන් හා ලසිත් කෲස්පුල්ලේද සංචිතයට ඇතුලත්ව සිටින බවයි වාර්තා වෙයි. 30 දෙනෙකුගෙන් සමන්විත මෙම මුලික සංචිතයෙන් ක්‍රිඩකයින් 15 දෙනෙකු ඇෆ්ගනිස්තාන තරගාවලිය සදහා තෝරා ගනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *