කළුතර ප්‍රදේශයේ සිසුවියන් 16 දෙනෙකු පමණ අපයෝජනය කළ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට

කෝටි තුනක අයිස් සමඟ දෙකක් අත්අඩංගුවට

කෝටි තුනක අයිස් සමඟ දෙකක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ සිසුවියන් 16දෙනෙකු පමණ අපයෝජනය කර ලිංගික හිරිහැරයට පත් කළ බව පැවසූ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා (11)වැනි දා උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු ප්‍රකාශයක් ලබාදීම සඳහා කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණි අවස්ථාවේ දී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු දැරියන්ට ලිංගික අතවර කිරීම් සිදුකරන අතරතුර සිදුකළ වීඩියෝ පටිගත කිරීම් 16ක් සම්බන්ධයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බව කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කළේය.

කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා එහි දැරියන්ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

සැකකාර ගුරුවරයා අනියම් සම්බන්ධතා පවත්වන බවට ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ කළුතර උතුර පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවත්, ඇය සැකකරුගේ ලැප්ටොප් යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී දැරියන්ට අපයෝජනයට ලක්කරන වීඩියෝ දර්ශන ගබඩා කර ඇති බව නිරීක්ෂණය වී දෙමාව්පියන් දැනුවත් කර ඇති බවත් වාර්තා වේ.

අගතියටපත් දැරියන් මෙන්ම දෙමව්පියන්ද ඉදිරිපත්වීමේ මැලිකමක් නිරීක්ෂණය වන බවත්, එවැනි දැරියන් වේ නම් කළුතර උතුර පොලීසිය අසල පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණිලි කරන ලෙසත් පොලීසිය ඉල්ලා සිටී.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා අපයෝජනය නිවාරණ කාර්යාංශ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක එම්.දිස්නා ප්‍රියන්ති මහත්මියගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *