ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන්නැයි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන්නැයි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන්නැයි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

ඉස්ලාමාබාද් මහාධිකරණයට පැමිණෙද්දී, අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කෙරුණු පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන්නැයි, (11)වැනි දා දින ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කළේ ඔහු අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව පෙන්වා දෙමිනි.

පසුගිය 9 වැනිදා හිටපු අග්‍රාමාත්‍යවරයා ඉස්ලාමාබාද් මහාධිකරණය පැමිණියේ ඔහුට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා සම්භන්ධයෙන් පැවැති නඩුවකට පෙනී සිටීමටය.

එම අවස්ථාවේ, අධිකරණ භූමියට පැමිණ සිටි පාකිස්තාන හමුදාවේ අතිරේක බලඇණියක්, පාකිස්තාන ජාතික වගවීමේ කාර්යාංශයේ මෙහෙයවීම යටතේ, ඉම්රාන් අත්ඩඅංගුවට ගත්තේ තවත් දූෂණ චෝදනා කීපයක් සම්බන්ධයෙනි.

පාකිස්තාන ජාතික වගවීමේ කාර්යාංශය (11) ඉම්රාන් ඛාන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල අතර, එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග කළේ ඉම්රාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවය.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග පාකිස්තානය පුරා ප්‍රචණ්ඩකාරී විරෝධතා රැල්ලක් ඇරැඹිණි.

ආරක්ෂක අංශ සමඟ ගැටුණු ඉම්රාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ සාමාජිකයන් අට දෙනකු එම ගැටුම් නිසා ජීවිතක්ෂයට පත් වී ඇති බවත් 1000 කට වැඩි පිරිසක් අත්ඩංගුවට ගැණුනු බවත් වාර්තා වෙයි. ආරක්ෂක අංශ සමඟ ගැටුම්වලින් තුවාල ලැබූ ගණන 2000කට ආසන්නය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *