සීනි සහ තිරිඟු පිටි මිල ඉහළට

සීනි සහ තිරිඟු පිටි මිල ඉහළට

සීනි සහ තිරිඟු පිටි මිල ඉහළට

සීනි සහ තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එහි සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති බවයි.

මීට පෙර සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 225ක් වූ අතර එහි නව මිල රුපියල් 250කි. ඉන්දියාව සීනි අපනයනය සීමා කිරීම, එලෙස මිල ගණන් ඉහළ දැමීමට හේතුවී ඇතැයි ඔහු සඳහන් කළේය.

මේ අතර, තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 10කින් ඉහළ දමා තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනායනකරුවන්ගේ සංගමය පැවසුවේ, ඒ අනුව තිරිගු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 210ක් දක්වා ඉහළ යන බවයි. තිරිගුපිටි සඳහා පනවා තිබූ රුපියල් 03ක බදු සහනය ඉවත් කිරීම, ඊට හේතුවී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *