ශ්‍රී ලංකාවෙන් නවතම බිම්මල් විශේෂ දෙකක් සහ නව ප්‍රභේදයක්

ශ්‍රී ලංකාවෙන් නවතම බිම්මල් විශේෂ දෙකක් සහ නව ප්‍රභේදයක්

ශ්‍රී ලංකාවෙන් නවතම බිම්මල් විශේෂ දෙකක් සහ නව ප්‍රභේදයක්

ශ්‍රී ලංකාවෙන් නවතම බිම්මල් විශේෂ දෙකක් සහ නව ප්‍රභේදයක් හඳුනාගෙන තිබේ.

මෙම සොයා ගැනීම සිදු කරනු ලැබ ඇත්තේ මහාචාර්ය සමන්ත කරුණාරත්න මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම මත මේ ෆා ලුඅන්ග් (Mae Fah Luang) විශ්වවිද්‍යාලයේ සහ චීන විද්‍යා ආයතනයට සම්බන්ධ පර්යේෂකයකු ලෙස කටයුතු කරන ආචාර්ය අසෙනි එදිරිවීර මහත්මිය ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසිනි.

එම නව විශේෂ දෙක Candolleomyces ruhunensis සහ Termitomyces srilankensis ලෙස නම් කර තිබේ. මීට අමතරව කන්නෙලිය වනාන්තරය ආශ්‍රිතව Crepidotus striatus නම් බිම්මල් විශේෂය සොයා ගෙන ඇති අතර, එය මීට පෙර හමු වී ඇත්තේ චීනයෙන් පමණි. මෙම කන්නෙලිය වනාන්තරය ආශ්‍රිතව Crepidotus striatus නම් බිම්මල් විශේෂය සොයා ගැනීමට කන්නෙලිය වනාන්තරයේ මඟ පෙන්වන්නකු ලෙස කටයුතු කරන ගුණදාස පතිරණ මහතාගේ සහයෝගය ලැබී ඇත.

මෙම පර්යේෂණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අසෙනි එදිරිවීර මහත්මිය මෙසේ කියා සිටියාය.

“2023 වර්ෂයේදී නව බිම්මල් විශේෂ දෙකක් හා නව වාර්තා වීමක් හඳුනා ගත්තා. බිම්මල් වගාවේ ඉතිහාසය 1780, 1785 යන කාලයන් දක්වා දිව යනවා. විදේශ රටවල පර්යේෂකයන් විසින් ලංකාවේ පර්යේෂකයන් කිහිප දෙනකු ද සම්බන්ධ කර ගනිමින් මේ සම්බන්ධව අධ්‍යයන කටයුතු කර තිබෙනවා. 2000 වර්ෂයෙන් පසුව තමයි බිම්මල් පිළිබඳ පර්යේෂණ කටයුතු විධිමත් අයුරින් ආරම්භ වී කරගෙන යන්නේ. එතෙක් රූපාකාරයන් භාවිත කර බිම්මල් විශේෂ වර්ගීකරණය පිළිබඳ පරීක්ෂණ ලංකාවේ සිදුව තිබෙනවා. 2000 වර්ෂයෙන් පසු බිම්මල් වගාවේ රූපාකාරයන් මෙන්ම ඩි.එන්.ඒ දත්ත භාවිතා කරලත් හඳුනාගැනීම ආරම්භ කළා. මහාචාර්ය සමන්ත කරුණාරත්න මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ වැඩ කොටසක් කළා. 2023 වර්ෂයේදී බිම්මල් වගාවේ අලුත් හඳුනාගැනීම් සම්බන්ධව එතුමා තමයි මූලිකව නිවැරැදි මාවතකට යොමු කර එම කටයුතු සිදු කළේ.

“නව බිම්මල් ප්‍රභේදයන්ගෙන් එකක් වන්නේ කැන්ඩොලියම්මයිසිස් රුහුණේ සිස් (Candolleomyces ruhunensis) විශේෂය. මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවෙන් පළමු වරට මෙම බිම්මල් විශේෂය වාර්තා වීමයි. මෙකී බිම්මල් විශේෂය අප සොයා ගන්නේ රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන්. ඒ සොයා ගැනීමත් එක්ක මෙම ස්ථානයට යම්කිසි හඳුන්වාදීමක් කිරීමට අවශ්‍ය නිසා ‘රුහුණේ සිස්’ කියන විශේෂ නාමය අප හඳුන්වා දුන්නා. විශ්වවිද්‍යාලයක නමින් ලංකාවේ බිම්මල් විශේෂයක්, එහෙම නැතිනම් දිලීර විශේෂයක් නාමකරණය කළ මුල්ම අවස්ථාව මෙයයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ කැන්ඩොලියම්මයිසිස් ගණයට අදාළ බිම්මල් විශේෂයක මුල්ම වාර්තා වීම මෙයයි. දෙවැනි විශේෂය ටර්මිටෝමයිසිස් ශ්‍රීලන්කෙන්සිස් (Termitomyces srilankensis) විශේෂය. ශ්‍රී ලංකාවෙන් මෙම බිම්මල් විශේෂය සොයා ගත් නිසා ගණ නාමයත් එක්ක එකතු කළා. මෙකී බිම්මල් විශේෂය වැලි හතු විශේෂවලින් එක් වර්ගයක් ලෙසයි අප හඳුන්වා දෙන්නේ. අනෙක් විශේෂ වාර්තා වීම තමයි කැරැපිඩොටස් ස්ටියාටස් (Crepidotus striatus) කියන විශේෂය. මෙය වර්තා වන්නේ ශ්‍රී ලංකාවේ කන්නෙලිය රක්ෂිතය ආශ්‍රිතව. කන්නෙලිය රක්ෂිතය ආශ්‍රිතයෙන් මෙකී බිම්මල් ප්‍රභේදය වාර්තාවන්නේ ලෝකයේ දෙවැනි වතාවට. එම විශේෂය ලෝකයේ පළමු වතාවට අලුත් විශේෂයක් වශයෙන් හඳුනා ගන්නේ චීනයෙන්. ලංකාවේ කෙතරම් බිම්මල් විශේෂ හඳුනාගත්තත් එම හඳුනාගැනීමෙන් පසු එම බිම්මල් විශේෂ නතර වෙනවා. නමුත් වර්ගීකරණ විද්‍යාඥයන් එම හඳුනාගැනීම සිදු කළ පසු මෙකී බිම්මල් ප්‍රභේදවල ආර්ථික වටිනාකම් තිබේද යන්න ගැනත් සොයා බැලිය යුතුයි. බිම්මල් විශේෂවලට ආහාරමය වටිනාකමක් අනිවාර්යයෙන්ම තිබෙනවා. අනෙක් අතට ඖෂධමය ගුණය ඇති බිම්මල් විශේෂ අපේ රටේ ඕනෑ තරම් තියෙනවා. නමුත් පරීක්ෂණ මට්ටමේ කිසිම ගණනය කිරීමක් කර නැහැ. අප සොයා ගත් නිදර්ශක තැන්පත් කරන්න තැනක් නිර්මාණය වී නැහැ.”

– dinamina

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *