ශ්‍රී ලංකා ආර්ථිකය ගැන සුබවාදී බලාපොරොත්තුවක් – බ්ලූම්බර්ග් වෙබ් අඩවිය

0
ශ්‍රී ලංකා ආර්ථිකයේ, අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා වර්ධන වේගයක් – IMF

ශ්‍රී ලංකා ආර්ථිකයේ, අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා වර්ධන වේගයක් – IMF

මිලදී ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක පැවතීම සහ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් ආනයන වියදම අඩුවීම මත අප්‍රේල් මාසයේදී මෙරට උද්ධමනය තවදුරටත් අඩු වී තිබෙනවා.

අන්තර්ජාතික වශයෙන් ආර්ථික පුවත් විශ්ලේෂණ පළ කෙරෙන වෙබ් අඩවියක් වන බ්ලූම්බර්ග් වාර්තා කරන්නේ මෙය මේ වසර අවසානයේ උද්ධමනය තනි ඉලක්කමකට ගෙනඒමේ ශ්‍රී ලංකා මහබැංකුවේ උත්සහයට සුබවාදී බලාපොරොත්තුවක් බවයි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, වර්ෂයකට පෙර තත්වය සමග සංසංදනය කර බැලීමේදී අප්‍රේල් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය වැඩිවී ඇත්තේ සියයට 35.3කින් පමණක් වන අතර පසුගිය මාර්තු මාසයේදී එය සියයට 50.3කින් වැඩි වී පැවතුණා.බ්ලූම්බර්ග් දර්ශකයන්ට අනුව මෙය සියයට 37.8කින් ශක්තිමත්වීමක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com