පැරගුවේ රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස සන්තියාගෝ පෙන්යා පත්වෙයි

පැරගුවේ රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස සන්තියාගෝ පෙන්යා

පැරගුවේ රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස සන්තියාගෝ පෙන්යා

පැරගුවේ රාජ්‍යයේ පැවති ජනාධිපතිවරණයෙන් සන්තියාගෝ පෙන්යා ජයග්‍රහණය කර තිබෙනවා.

කන්සවේටිව් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වු සන්තියාගෝ පෙන්යා 42.7%ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂක මධ්‍ය වාමාංෂික එෆ්‍රයින් ඇලග්‍රේ මැතිවරණ පරාජය පිළිගෙන තිබේ.

එරට පාලක කොළරාඩෝ පක්ෂය හා එක්ව සන්ධානයකින් සන්තියාගෝ පෙන්යා මැතිවරණයට ඉදිරිපත් වු අතර ඔහුගේ ජයග්‍රහණයත් සමග කෝළරාඩෝ පක්ෂයේ බලයද යළි තහවුරු වී ඇත..

එමෙන්ම තායිවානය සමග තිබෙන රාජතාන්ත්‍රික සබදතා නව ජනාධිපතිවරයා යටතේ තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට විශ්ලේෂකයන් මත පළ කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *