රු. මි 15,000ක යූරියා පොහොර හා කෘෂි උපකරණ කට්ටල ගොවි පවුල් 71000කට

යල කන්නයට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට අනුමැතිය

යල කන්නයට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට අනුමැතිය

දිස්ත්‍රික්ක 07ක හෙක්ටයාර් භාගයකට අඩුවෙන් කුඹුරු වගාකරන ගොවීන්ට මෙවර යළ කන්නයේ යූරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක් නොමිලේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ යටතේ පොළොන්නරුව, හම්බන්තොට, බදුල්ල, අම්පාර, මාතලේ, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ප්‍රතිලාභ ලබන ගොවි පවුල් සංඛ්‍යාව 71000කි. යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අනුග්‍රහය මත එම පොහොර ලබා දෙන බව අමාත්‍යාංශය සඳහන් කළේය.

කෘෂි උපකරණ කට්ටලද මේ යටතේ මෙරට ගොවීන්ට නොමිලේ ලබා දීමට නියමිතයි. රුපියල් මිලියන 15,000ක් වටිනා එම යූරියා පොහොර හා කෘෂි උපකරණ කට්ටල (22) කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් භාර දීම සිදු කෙරේ.

යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ඊට සහභාගි වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *