බර අනුවත් බිත්තරේට මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

බිත්තර මිල පහළට
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව සුදු බිත්තරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 44ක් සහ දුඹුරු බිත්තරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 46ක් වේ.
මේ අතර සුදු බිත්තර කිලෝග්‍රෑමයක් අලෙවි කළ හැකි මිල රුපියල් 880ක් බවත් දුඹුරු බිත්තර කිලෝග්‍රෑමයක මිල රුපියල් 920ක් බවටත් එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.