ග්‍රාමීය අංශයේ රැකියා නොමැති තරුණ ප්‍රජාවට එළු පාලනය සඳහා එළුවන් 70,000ක්

ග්‍රාමීය අංශයේ රැකියා නොමැති තරුණ ප්‍රජාවට එළු පාලනය සඳහා එළුවන් 70,000ක්

ග්‍රාමීය අංශයේ රැකියා නොමැති තරුණ ප්‍රජාවට එළු පාලනය සඳහා එළුවන් 70,000ක්

මෙම වසර තුළ ග්‍රාමීය වශයෙන් එළු පාලනය ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එළුවන් 70,000ක් ග්‍රාමීය අංශයේ රැකියා නොමැති මෙන්ම එළු පාලනයට කැමැති තරුණ ප්‍රජාව අතර බෙදා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

මෙම වැඩ පිළිවෙළ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 150කි.

රැකියා විරහිත තරුණ තරුණියන් රැසක් ග්‍රාමීය අංශයේ සිටින අතර ඔවුන්ට අමතර ආදායම් මාර්ග ලබා ගැනීම සඳහා මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ එළුවන් ලබාදීම හා එළුපාලනය සදහා අවශ්‍ය තාක්ෂණික ලබා දීම මෙන්ම එළුපාලනය ආශ්‍රිත නිෂ්පාදන නැවත මිල දී ගැනීම සඳහා (Buy Back) පුද්ගලික අංශයේ සහයෝගය සළසාදීමටද නියමිතයි.

ඒ අනුව මෙම වසර අවසන් වන විට එළුවන් 70,000ක් ලබා දෙන අතරම, 2024 වසරේ දී එම ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීම අරමුණ වේ.

එමෙන්ම එළු පාලනය සදහා ඉඩකඩ ඇති දිස්ත්‍රික්ක කිහිපයක් පළමුවෙන් තෝරාගෙන එම දිස්ත්‍රික්කවල තරුණ ප්‍රජාව අතර පළමුවෙන් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අප රටේ කවර දිස්ත්‍රික්කයක වුවද එළු පාලනය ඉතා හොඳින් සිදු කළ හැකියි. මේ සඳහා සුදුසු එළු වර්ග කිහිපයක් දැනට හඳුනාගෙන තිබෙනවා. ඔවුන් නම් ජම්නපාරී, කොට්ටුකච්චි, බෝයර් හා සානන් යන වර්ගයන්ය. මෙම එළු විශේෂ මගින් වැඩි ආදායමක් උපයා ගත හැකි බව කෘෂි අංශ පෙන්වා දෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *