සූඩාන හමුදාව සහ පැරා හමුදා කණ්ඩායමක් බලඅරගලයක – 27දෙනෙකු මිය ගොස් 200කට තුවාල
 
                සූඩාන හමුදාව සහ පැරා හමුදා කණ්ඩායමක් බලඅරගලයක, 27දෙනෙකු මිය ගොස් 200කට තුවාල
පසුගිය පැය 24 තුළ සූඩාන හමුදාව සහ තවත් පැරා හමුදා කණ්ඩායමක් අතර බලඅරගලයක් හේතුවෙන් මුළු රටම කැළඹීට ලක්ව ඇත.
මේ හේතුවෙන් 27 දෙනෙකු මිය ගොස් 200 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති මන්දිරය, රාජ්ය රූපවාහිනිය සහ හමුදා මූළස්ථානය මුල්කරගෙන දෙපාර්ශ්වය අතර ගැටුම් ඇතිව තිබේ.
ගැටුම් හේතුවෙන් මිය ගිය පුද්ගලයන් අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් තුන් දෙනෙකුද සිටින බව වාර්තා වෙයි.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        