ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට ස්ථාවරකරණ කමිටුවක්; රග්බි ක්‍රීඩාවට පනවා ඇති තහනම ඉවතට

ශ්‍රී ලංකා රග්බි තහනම ඉවතට

ශ්‍රී ලංකා රග්බි තහනම ඉවතට

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් (12) දින ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ඉදිරි මාස 06 සඳහා ස්ථාවරකරණ කමිටුවක් පත් කර තිබෙනවා.

එමෙන්ම 2022 අප්‍රේල් 01වන දින නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමෙන් අනතුරුව රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කරන්නා වූ ධනාත්මක කරුණු සැළකිල්ලට ගෙනmඅප්‍රේල් 12 දිනMOYS/MIN/AR/R-03 අංකය යටතේ අමාත්‍යවරයා විසින් යවන ලද ලිපියට යහපත් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ රග්බි සම්මේලනය වෙත පනවා තිබූ තහනම ඉවත් කළ බවත්, පූර්ණ සාමාජිකත්වය ලබා දුන් බවත් ආසියානු රග්බි සම්මේලනයේ සභාපති ක්යිස් අල් දලායි මහතා (Mr.Qais al Dhalai) විසින්ලිපියක් මගින් අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබෙනවා.

චුලා ධර්මදාස මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම අතුරු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති උපදේශක ශානක රණසිංහ (ලේකම්), තුසිත පීරිස් (භාණ්ඩාගාරික), දමිත් විතාරණගේ, කිශාන් මුසාෆර්, සවන්ත ද සේරම, සුභාෂ් ජයතිලක, ප්‍රදීප් බස්නායක සහ බ්‍රිගේඩියර් සුනිල් රණසිංහ යන මහත්වරු කටයුතු කරති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *