පවතින බඩඉරිඟු තොග ඉක්මනින් අලෙවි කරන්න – කෘෂිකර්ම අමාත්‍යාංශය

පවතින බඩඉරිඟු තොග ඉක්මනින් අලෙවි කරන්න - කෘෂිකර්ම අමාත්‍යාංශය

පවතින බඩඉරිඟු තොග ඉක්මනින් අලෙවි කරන්න - කෘෂිකර්ම අමාත්‍යාංශය

මෙවර මහ කන්නයේ දී ගොවීන් විසින් වගා කරන ලද බඩ ඉරිඟු තොග දැනට ගොවි ජනතාව සතුව තිබෙන බැවින් ඒවා වහාම අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

බඩඉරිඟුවල හිඟයක් දැනට රට තුළ පවතින බැවින් නැවත බඩඉරිඟු ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. බඩඉරිඟු මිල ඉහළ යතැයි අපේක්ෂාවෙන් ඇතැම් ගොවීන් තමන් සතු බඩඉරිඟු තොග ගබඩා කර තබා ගැනීමට කටයුතු කළත්, බඩඉරිගු ආනයනය කළහොත් මිල ගණන් පහළ යා හැකිය.

එම නිසා දැනට බඩ ඉරිඟු සදහා හොඳ මිලක් ලැබෙන බැවින් ගොවි ජනතාව සතුව පවතින බඩ ඉරිඟු තොග ඉක්මනින් අලෙවි කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *