නව ප්‍රතිත්‍රස්ත පනත නිසා ලංකාවට GSP+ තීරුබදු සහනය අහිමිවීමේ අවදානමක් – යුරෝපා සංගමයේ මෙරට තානාපති

0
නව ප්‍රතිත්‍රස්ත පනත නිසා ලංකාවට GSP+ තීරුබදු සහනය අහිමිවීමේ අවදානමක් - යුරෝපා සංගමයේ මෙරට තානාපති

නව ප්‍රතිත්‍රස්ත පනත නිසා ලංකාවට GSP+ තීරුබදු සහනය අහිමිවීමේ අවදානමක් - යුරෝපා සංගමයේ මෙරට තානාපති

යෝජිත නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත නිසා ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය අහිමිවීමේ අවදානමක් පවතින බව යුරෝපා සංගමයේ මෙරට තානාපති ඩෙනිස් ෂායික් පෙන්වා දෙයි.

යම් හෙයකින් ජී.එස්.පී. ප්ලස් දීර්ඝ කිරීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ට අධික වෙළෙඳ සහනයක් එසේ අහිමි වනු ඇති බවද තානාපතිවරයා යොමු කර තිබෙන නිවේදනයක සඳහන්ය.

මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වයක් ලබානොදුනහොත් ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වීමට ඉඩ ඇති බවට මෙරට ජර්මන් තානාපති කාර්යාලය ඉකුත් පෙබරවාරි මාසයේදී අනතුරු ඇඟවීමක් කර තිබූ බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

එම තීරුබදු සහනය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ක්‍රියාවලිය මේ වනවිට අවසන් අදියරේ පවතින බවද එම නිවේදනයෙන් පෙන්වා දී ඇත. පුද්ගලයෙකු ත්‍රස්තවාදියෙකු ලෙස සලකා සිරගත කිරීමට ජනාධිපතිවරයාට මෙම පනත හරහා බලය පැවැරීම අසාමාන්‍ය ශක්තිමත් බලයක් ගොඩනැගීමක් බවද එහි සඳහන්ය.

මෙම නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ විනිවිදභාවය හා පවතින තත්ත්වය පිළිබඳව මෙන්ම මෙම පනත හරහා ජනාධිපතිවරයා වටා බලයක් කේන්ද්‍රගත වීම යන කරුණු සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර ඇති බවද යුරෝපා සංගමයේ මෙරට තානාපතිවරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com