ඉන්ධන වෙළඳපොළට පිවිසෙන විදේශීය සමාගම් 3ට අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර

ඉන්ධන වෙළඳපොළට පිවිසෙන විදේශීය සමාගම් 3ට අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර

ඉන්ධන වෙළඳපොළට පිවිසෙන විදේශීය සමාගම් 3ට අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර

ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසෙන විදේශීය සමාගම් තුනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුමත මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබා දීමට රජය තීරණය කර ඇත.

මෙම මස අවසාන වන විට සමාගම් තුන සමඟ ගිවිසුම් ගත වීමට නියමිත බවත් ගිවිසුම් ගත වූවාට පසුව මසක් තුළ එම සමාගම් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.

චීනයේ සිනොපෙක් සමාගම, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම සහ ෂෙල් සමාගම සමඟ එක්ව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්.එම් පාර්ක්ස් සමාගමට ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසීම සඳහා අනුමැතිය හිමිව ඇත.

මෙරටට පැමිණෙන විදේශ සමාගම් තුනට නියමිත මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර හිමි වීම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන වලට ඇති ඉල්ලුම අඩු වී රජයේ ඉන්ධන බිල පහළ යා හැකි බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පෙන්වා දී තිබේ.

වර්තමානයේ රජය සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක මුදලක් මසකට ඉන්ධන වෙනුවෙන් වැය කරන බවත් ශ්‍රී ලංකාවට පැමිණෙන සමාගම් තුනෙන් එක් එක් සමාගම මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 120 ක ඉන්ධන මෙරටට ගෙන්වනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය බලාපොරොත්තු වන බවත් ඒ හේතුවෙන් රජයේ ඉන්ධන බිල අඩුවෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

මෙම තීරණයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවියට බලපෑමක් එල්ල කරනු ඇති බවත් නමුත් එය පාරිභෝගිකයාට වාසිදායක වනු ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පෙන්වා දී තිබේ.

ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට දේශීය බැංකු භාවිතයෙන් එම සමාගම් වැළකී සිටිය යුතු බවත් සමාගම් ලබන ලාභය මෙරටින් පිටතට ගෙන යා හැක්කේ වසරකට පසුව පමණක් බවත් ගිවිසුමේ කොන්දේසි වලට ඇතුලත් වන බව පැවැසෙයි.

සමාගම් තුන එකතු වී වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2ක ඉන්ධන මෙරටට ආනයනය කරනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ඇස්තමේන්තු කර ඇති බවත් ඉන් භාණ්ඩාගාරයේ බර සැහැල්ලු වන බවත් පැවැසෙයි.

ගිවිසුම අවුරුදු 20ක් සඳහා වන බවත් එම කාලය තුළ ගිවිසුම අලුත් කිරීමේ ගාස්තු ලෙස වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් එම සමාගම් ගෙවිය යුතු බවත් සඳහන් වේ.

අවුරුදු 20කට පසුවත් එම සමාගම් වලට සාකච්ඡා මාර්ගයෙන් ඇති කර ගන්නා එකඟතාවයන් මත දිගටම මෙහෙයුම් සිදු කළ හැකි බවද පැවැසෙයි.එම සමාගම් ගබඩා ගාස්තු ලෙස මුදලක් ගෙවනු ඇති බවත් ලීටරයකින් යම්කිසි ප්‍රතිශතයක් රජයට අදායමක් ලෙස ලැබෙනු ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

ගිවිසුම් යටතේ, සුඛෝපභෝගී වාහන භාවිතා කරන සුපිරි ප්‍රමිතියෙන් මිල අධික නිෂ්පාදන අලෙවි කිරීමටද එම සමාගම් වලට අවස්ථාව ලබා දී ඇත.

– lankadeepa

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *