ගොවීන් සිව්දෙනෙකුගේ අක්කරයකට මෙතෙක් ලැබූ ඉහළම වී අස්වැන්න වාර්තාව

රජයේ ගබඩාවලට දෙන සෑම වී කිලෝවටම වැඩිපුර රු.02ක්
අම්බලන්තොට ප්‍රදේශයේ ගොවීන් සිව්දෙනෙකු පසුගිය මහ කන්නයේ අක්කරයකට මෙතෙක් ලැබූ ඉහළම වී අස්වැන්න වාර්තා කර තිබෙනවා.
බතලගොඩ වී පර්යේෂණායතනය විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට වාර්තාවක් සපයමින් මේ බව සඳහන් කළා.
ඒ අනුව ගොවීන් තිදෙනෙක් අක්කරයකට ලද වී අස්වනු ප්‍රමාණය වී බුසල් 215 හෙවත් වී කිලෝග්‍රෑම් 4407.5ක් වාර්තා කර ඇති අතර තවත් එක් ගොවියෙක් අක්කරයකට වී බුසල් 195ක් හෙවත් වී කිලෝග්‍රෑම් 3997.5ක් වශයෙන් වාර්තා කර ඇති බව සඳහන්.
එමෙන්ම මෙම ගොවීන් සියලුදෙනා වගා කර ඇත්තේ අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් හඳුන්වා දී තිබෙන At 362 නැමැති වී ප්‍රභේදයයි
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති උපදෙස් පරිදි යුරියා පොහොර මෙන්ම කාබනික පොහොර මෙම ගොවීන් විසින් යොදා ඇති අතර ඊට අමතරව පිළිස්සු පිදුරු, දහයියා අළු සහ බන්ඩි පොහොර යෙදීමද සිදු කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙරටින් වාර්තා වූ වැඩිම වී අස්වනු ප්‍රමාණය මෙය වන අතර ඔවුන් විසින් හෙක්ටෙයාර් එකකට ලද වී අස්වැන්න මෙට්‍රික් ටොන් 10 ඉළක්කය ඉක්මවා තිබීමද විශේෂත්වයක්.