චීනය, ශ්‍රී ලංකාව තුළ රේඩාර් කඳවුරක් ස්ථාපිත කරන බවට චෝදනාවක්

චීනය, ශ්‍රී ලංකාව තුළ රේඩාර් කඳවුරක් ස්ථාපිත කරන බවට චෝදනාවක්

චීනය, ශ්‍රී ලංකාව තුළ රේඩාර් කඳවුරක් ස්ථාපිත කරන බවට චෝදනාවක්

ශ්‍රී ලංකාව තුළ රේඩාර් කඳවුරක් පිහිටුවීමට චීනය යෝජනා කර ඇති බව WION පුවත් සේවය වාර්තා කරනවා.

ඉන්දීය සාගර කලාපයේ ඉන්දීය නාවික හමුදාව සහ ඔවුන්ගේ උපාය මාර්ගික කටයුතු අධීක්‍ෂණය කිරීම එහි අරමුණ බවයි අදාළ මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් දැක්වෙන්නේ.

මේ අතර economictimes වෙබ් අඩවිය වාර්තා කරන්නේ යෝජිත රේඩාර් පද්ධතිය මගින් Diego Garcia හි එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමටද හැකි වනු ඇති බවයි.

චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය ශ්‍රී ලංකාවේ දෙවුන්දරතුඩුව ආශ්‍රිත කැලෑවල මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිත බවයි economictimes වැඩි දුරටත් සඳහන් කරන්නේ.

රේඩාර් පද්ධතිය ස්ථාපනය කළහොත් කලාපය පුරා ඉන්දියාවේ උපාය මාර්ගික කටයුතුවලට බලපෑමක් වන බවද එම වෙබ් අඩවිය පවසනවා.

එල්ල වන තවත් චෝදනාවක් වන්නේ මෙම රේඩාර් පද්ධතිය මගින් අන්දමන් සහ නිකොබාර්(Nicobar) දූපත් වෙත ගමන් කරන ඉන්දීය නාවික යාත්‍රාවල චලනය නිරීක්ෂණය කළ හැකි බවයි.

හම්බන්තොට වරාය වසර 99කට චීන බදු දීම මෙන්ම ඔත්තු නෞකාවක් නමින් හඳුන්වන යුවැන් 05 නෞකාව පසුගිය වසරේ මෙරටට පැමිණීමද ඔවුන් විශේෂ කොට සළකා තිබෙනවා.

WION වෙබ් අඩවියේ දත්තවලට අනුව ඔවුන් පවසන්නේ යෝජිත රේඩාරයට දෙවුන්දරතුඩුව කිලෝමීටර 1,700ක් නිරිත දෙසින් පිහිටි බ්‍රිතාන්‍ය ඉන්දියන් සාගර ප්‍රදේශයේ දූපතක් වන ඩියාගෝ ගාර්ෂියාහි පිහිටි හමුදා කඳවුරේ එක්සත් ජනපද හමුදා චලනයන් නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇති බවයි.

තම කලාපය තුළ චීනයේ මෙවැනි ක්‍රියාකාරකම්වලට ශ්‍රී ලංකාවට අවනත වීමට ඉඩ ඇත්තේ චීනයට ඇති ණය නිසා බවද WION වාර්තාවේ දැක්වෙනවා.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *