එක්වරක් පමණක් භාවිත කර ඉවතලන භාණ්ඩ කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

ගතවූ මාස 06 තුළ අ.ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක්
එක්වරක් පමණක් භාවිත කර ඉවතලන භාණ්ඩ කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම තහනම ජුනි පළමුවනදා සිට ක්‍රියාත්මකයි.
ප්ලාස්ටික් බීම බට, ප්ලාස්ටික් පිඟන්, ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් හැදි, ගෑරප්පු සහ පිහි ආදිය ඊට අයත් වනවා.
එක්වරක් පමණක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් ද්‍රව්‍ය හේතුවෙන් පරිසරයට සිදු වන්නේ දැඩි හානියක්.
නොදිරන ද්‍රව්‍යක් වන ප්ලාස්ටික් භාණ්ඩ ප්‍රතිචක්‍රීකරණය කිරීමද ගැටලුවක්ව පවතිනවා.
දිනකට පරිසරයට එකතුවන ඉවතලන ප්ලාස්ටික් තොගය හා ඉන් ඇතිවන පරිසර හානිය අවම කිරීම සඳහා එම ද්‍රව්‍ය භාවිතය තහනම් කිරීමේ නීති ගෙන ඒමටද පරිසර අමාත්‍යාංශය තීරණය කළා.
පරිසර හානිය වළක්වන අතරම අත්‍යවශ්‍ය නොවනදෑ ආනයනය සදහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීමද රජයේ අරමුණයි.