පොහොර මිලදී ගැනීම සඳහා සහනාධාර මුදලක්

මහ කන්නයේ පොහොර සහන දීමනාවට රු. කෝටි 100ක්
යල කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා සහනාධාර මුදලක් ලබාදීමට තීරණය කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ඊට අදාළ කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි. ඒ අනුව හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 20,000ක කූපන් පතක් ගොවියෙකු වෙනුවෙන් නිකුත් කරනු ඇත.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු එම සහනාධාරය ලබා දෙන බවද අමාත්‍යවරයා පැවසීය.