පොහොර මිලදී ගැනීම සඳහා සහනාධාර මුදලක්
යල කන්නයට පොහොර ගොවිජන මධ්‍යස්ථාන හරහා පමණයි
යල කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා සහනාධාර මුදලක් ලබාදීමට තීරණය කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ඊට අදාළ කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි. ඒ අනුව හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 20,000ක කූපන් පතක් ගොවියෙකු වෙනුවෙන් නිකුත් කරනු ඇත.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු එම සහනාධාරය ලබා දෙන බවද අමාත්‍යවරයා පැවසීය.




