විදුලි ගාස්තු 30% කින් අඩුකරන්න පුලුවන් – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

විදුලි ගාස්තු 30% කින් අඩුකිරීමේ හැකියාව ඇත - මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

විදුලි ගාස්තු 30% කින් අඩුකිරීමේ හැකියාව ඇත - මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

විදුලි ඉල්ලුමේ අඩුවීම, ඩොලරයේ අගය අඩුවීම සහ ඉන්ධන සහ ගල් අගුරු පිරිවැය අඩුවීම හේතුවෙන් විදුලි ගාස්තුද ඊට සමගාමීව අඩු කළ යුතු බවත් ඒ අනුව විදුලි ගාස්තු සියයට 30 කින් අඩුකිරීමේ හැකියාව ඇති බවත් කොල්ලුපිටියේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේදී (04) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

මෙම සියලු සාධක පිළිබඳව අවධානය යොමුකර විදුලි ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට මාර්තු 30 වැනි දින නිර්දේශ කළ බව කී රත්නායක මහතා ඉහළ විදුලි ගාස්තුවෙන් දැඩිව පීඩාවට පත්ව සිටින ගෘහස්ථ අංශයේ ලක්ෂ 50ක පමණ විදුලි පාරිභෝගිකයින්ට සහ කුඩා ව්‍යාපාරවලට කඩිනමින් සහනයක් සැපයීමට විදුලි ගාස්තු අඩු කිරීම අනිවාර්යෙන්ම කළ යුතු බවද සඳහන් කළේය.

ඉන්ධන මිල පහළ යාමේ වාසිය ජනතාවට වහා ලබාදිය යුතු බවට මුදල් අමාත්‍යංශයද නිර්දේශ කර තිබියදී ඒ අනුව තවදුරටත් කල් නොදමා විදුලි පාරිභෝගිකයාටද සහන සැලසීමට පියවර ගත යුතු බව කී රත්නායක මහතා සඳහන් කළේ ලංකා විදුලි බල මණ්ඩලය ගාස්තු යෝජනා සකස්කරන විට ගල් අගුරු කිලෝ එකක මිල රුපියල් 104ක් ලෙස පදනම් කරගෙන තිබුණද මේ වන විට ගල් අගුරු කිලෝවක් රුපියල් 59.60ක් බවට පත්ව ඇති බවත්ය.

ඒ වන විට ලීටරය රුපියල් 270ක් ලෙස සැළකු දැවිතෙල් ලීටරයක නියම මිල රුපියල් 187.50ක් මෙන්ම නැප්තා ලීටරයක මිල රුපියල් 220ක් ලෙස සළකා ලංකා විදුලිබල මණ්ඩලය ගාස්තු යෝජනා සකස් කර තිබූ බවත් වෙළෙඳපොලේ නැප්තා මිල මේ වන විට රුපියල් 153 ක්ද, ලීටරය රුපියල් 405 ක් ලෙස සැළකු ඩීසල් ලීටරයක් අද වන විට රුපියල් 247ක් දක්වා පහළ බැස ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන අඩු මිලටදී විදුලි පාරිභෝගිකයාට සහන සැළසිය යුතු බවත් රත්නායක මහතා වැඩි දුරටත් සදඟන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *