සියලුම වල් නාශක හා කෘමිනාශකවල මිල 20% – 40% අතර පහත දැමීමට එකඟත්වය

සියලුම වල් නාශක හා කෘමිනාශකවල මිල 20% - 40% අතර පහත දැමීමට එකඟත්වය

සියලුම වල් නාශක හා කෘමිනාශකවල මිල 20% - 40% අතර පහත දැමීමට එකඟත්වය

සියලුම වල් නාශක හා කෘමිනාශක වල මිල සියයට 20කින් අඩු කිරීමටත්, ඇතැම් පළිබෝධ නාශකවල මිල ගණන් සියයට 40ක් දක්වා සහන මුදලකට ලබා දීමටත් සමාගම් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යශය පවසයි.

මෙවර යල කන්නයේ දී කෘමිනාශක හා වල්නාශක මිල ගණන් අවම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යශයේ පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹ ඇත.

දැනට ලෝක වෙළෙඳපොළේ කෘමිනාශක හා වල්නාශක මිල ගණන් අවමවීම, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හා ආනයනය අවශ්‍ය සඳහා රජය විසීන් ඩොලර් නිදහස් කිරීම වැනි කටයුතු නිසා මිල ගණන් අවම කළ හැකි බව අමාත්යාවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම රටට හොරෙන් ගෙන එනු ලබන පලිබෝධ නාශක වැටලීම් කඩිනම් කිරීම මෙන්ම ඒ සඳහා නාවික හමුදාවේ සහයෝගය ලබා ගැනීමටද තීරණය කළේය.

ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක අලෙවි කරන ආයතනවල බලපත්රනය තහනම් කරන ලෙසත්, දැනට පලිබෝධ නාශක පනත යටතේ ලබා දිය හැකි දඩුවම් වැඩි කිරීම සඳහා සිදු කරන සං‌ශෝධන කඩිනම් කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා පළිබෝධනාශක රෙජිස්ට්රාකර්වරයාට උපදෙස් දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *