උතුරු කොරියාව නව න්‍යෂ්ටික යුද ශීර්ෂ එළිදක්වයි
 
                උතුරු කොරියාව නව න්‍යෂ්ටික යුද ශීර්ෂ එළිදක්වයි
උතුරු කොරියාව තම නව න්‍යෂ්ටික යුද ශීර්ෂ එළිදක්වනු ලැබුවා.
න්‍යෂ්ටික බැලිස්ටික් මිසයිල නිෂ්පාදනය සඳහා අවශ්‍ය සකසන ලද යුද ශීර්ෂයන් එළිදැක්වීම උතුරු කොරියා ජනාධිපති කිම් ජොන් උන් ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.
න්‍යෂ්ටික යුද ශීර්ෂයන් නැරඹීමෙන් අනතුරුව ආයුධ සඳහා අවශ්‍ය න්‍යෂ්ටික ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා ඉදිරියටත් කඩිනම් පියවර ගැනීමට සූදානම් බව උතුරු කොරියා නායකයා ප්‍රකාශ කර තිබෙනවා.
උතුරු කොරියා නායකයා වෙත මෙලෙස ප්‍රදර්ශනය කළේ හෝසෝන් 31 ලෙස නම් කරන ලද න්‍යෂ්ටික යුද ශීර්ෂයි.
මේ අතර එක්සත් ජනපද යුද නෞකාවක් දකුණු කොරියාවට ලගාවී ඇති අතර අනතුරු ඇඟවීමක් ලෙස උතුරුකොරියාව මෙම න්‍යෂ්ටික යුද ශීර්ෂ එළිදැක්වීම සිදු කළ බව අනුමාන කෙරෙනවා.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        