කේරල ගංජා සමඟ කොටු වූ පලෙයි අපරාධ OIC සහ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම්

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

කොළඹ විශේෂ සුරාබදු ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පලෙයි පුදුක්කාඩු පොල් සංවර්ධන මණ්ඩලයේ නිවාඩු නිකේතනයේ රැඳී සිටියදී පසුගිය 22දා කේරල ගංජා කිලෝ 2යි ග්‍රෑම් 250ක් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ පලෙයි පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සහ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට කිලිනොච්චිය සහකාර පොලිස් අධිකාරිවරයා (24) පියවර ගෙන තිබිණි.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ පලෙයි පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එල්.එන්. ප්‍රියංජන සහ පොලිස් කොස්තාපල් රොබට් මෙන්ඩිස් යන දෙදෙනාය. මොවුන් දෙදෙනා සමඟ අත්අඩංගුවට ගෙන ඇති අය අතර අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ මිතුරන් දෙදෙනකුද සිටින අතර, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සන්නද්ධ පිරිසක් විසින් පැහැරගත්තේයැයි පලෙයි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ මේ අත්අඩංගුවට ගැනීම ගැන බව පලෙයි පොලිසිය කියන අතර, සුරාබදු නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දීර්ඝ ලෙස කළ විමර්ශනයකට අනුව මේ වැටලීම කර තිබෙන බව සඳහන්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *