පරීක්ෂණ සඳහා උපරිම මිල ඉක්මවා ගාස්තු අය කල පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 8කට ලක්ෂ 55ක දඩයක්

පරීක්ෂණ සඳහා උපරිම මිල ඉක්මවා ගාස්තු අය කල පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 8කට ලක්ෂ 55ක දඩයක්

පරීක්ෂණ සඳහා උපරිම මිල ඉක්මවා ගාස්තු අය කල පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 8කට ලක්ෂ 55ක දඩයක්

ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය සහ පූර්ණ රුධිර ගණන පරීක්ෂණය සඳහා උපරිම මිල ඉක්මවා රෝගීන්ගෙන් ගාස්තු අය කල කොළඹ අවට පෞද්ගලික රෝහල් සහ රසායනාගාර මධ්‍යස්ථාන 8කට එරෙහිව අධිකරණය මගින් රුපියල් ලක්ෂ 55ක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු අධිකාරීයේ පාරිභෝගික කටයුතු හා තොරතුරු, අංශයේ අධ්‍යක්ෂක අසේල බණ්ඩාර මහතා පැවසීය.

කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය මගින් එම ආයතන වලට එරෙහිව නඩු පවරා තිබිණි

ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව නියමිත මිල වන රුපියල් 1200 ඉක්මවා රු.3000 ආසන්න වන තෙක් වැඩිපුර විවිධ මුදල් ප්‍රමාණයන් ලබාගෙන තිබීම හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණය සඳහා රුපියල් 400 නියමිත මිල ඉක්මවා රුපියල් 1000 ආසන්න වන තෙක් වැඩිපුර විවිධ මුදල් ප්‍රමාණයන් ලබාගෙන පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කළ 2186/17 දරණ ගැසට් නිවේදනය උල්ලංඝනය කර තිබූ බව එම වැටලීම් වලදී අනාවරණය විය. අලුත්කඩේ සහ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ මගින් එකී දඩ මුදල් නියම කෙරිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *