2022දී පරීක්ෂාව සඳහා ඉදිරිපත් කෙරුණු මත්ද්‍රව්‍ය සැක සාම්පලවලින් 7%ක විස මත්ද්‍රව්‍ය බිඳක් හෝ ගෑවී නෑ

ජනාධිපතිවරණයට අදාළව අධිකරණ ඇමතිගෙන් නියෝගයක්
දිවයිනේ පොලිසිවලින් 2022 වර්ෂයේදී පරීක්ෂාව සඳහා ඉදිරිපත් කෙරුණු මත්ද්‍රව්‍ය සැක සාම්පල 16,479කින් 1034ක (සියයට 7ක) විස මත්ද්‍රව්‍ය බිඳක් හෝ ගෑවී නොමැති බවට තහවුරුවී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන ආරක්ෂක ඇමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසුවේය.
මේ කාරණය ඉදිරි සතියේදී දැඩි නිරීක්ෂණයට ලක් කරන බවද හෙතෙම සඳහන් කළේය.