කිසිදු රාජ්‍ය ආයතනයක් තම බැංකුවෙන් ගිණුම් ඉවත් කරගන්නා බවට දැනුම් දී නැහැ – මහජන බැංකුව
මහජන බැංකුවට දැවැන්ත ලාභයක්
තම බැංකුවේ පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල ගිණුම් ඉවත් කරගන්නා බවට කිසිදු රාජ්‍ය ආයතනයක් දැනුම් දී නැතැයි මහජන බැංකුව (17) නිවේදනය කළේය.
බැංකුව මේ නිවේදනය නිකුත් කළේ, මහජන බැංකුවේ ඇති ගිණුම් ඉවත් කරගැනීමට රාජ්‍ය ආයතන පියවර ගන්නා බවට ජාතික පුවත්පත් පළ කර තිබූ වාර්තා පිළිබඳව අවධානය යොමු කරමිනි.
මහජන බැංකුව අවධාරණය කළේ, අදාළ මාධ්‍ය වාර්තා නොමග යවන සුළු ඒවා බවයි.




