පළාත් පාලන ආයතන 341ක පාලනය කොමසාරිස් හා ලේකම්වරුන් යටතට

පළාත් පාලන ආයතන 341ක පාලනය කොමසාරිස් හා ලේකම්වරුන් යටතට පත්වනු ඇත
පළාත් පාලන ආයතන 341ක නිල කාලය මාර්තු මස 19දා මධ්‍යම රාත්‍රි 12.00න් පසු අවසන් වීමෙන් අනතුරුව සියලුම මහ නගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන්ට සහ නගර සභා හා නගර සභාල පාලනය ඒවායේ ලේකම්වරු යටතට පත්වනු ඇත.
සියලුම පළාත් ආණ්ඩුකාරවරු කැඳවූ විෂය භාර ඇමති, අගමැති දිනේෂ් ගුණවර්ධන මෙම මස 20වනදායින් පසු ඒ ඒ පළාත් පාලන ආයතන, නාගරික කොමසාරිස්වරුන් හා පළාත් පාලන ආයතන ලේකම්වරුන්ගේ සහයෙන් පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස (14)වැනි දා උපදෙස් දෙන ලදී.
රජය ගනු ලබන තීන්දු, තීරණ පළාත් පාලන ආයතන මට්ටමෙන් ක්‍රියාවට නැංවීමේදී ජනතා අපේක්‍ෂාවන් ඉටුවන අන්දමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අගමැතිවරයා එහිදී පළාත් පාලන ආයතනවල කටයුතු පිළිබඳව නිරන්තර සොයා බැලීමක් ආණ්ඩුකාරවරුන් විසින් කළ යුතු බව සඳහන් කර ඇත.
පළාත් පාලන ආයතන මගින් දැනට ඉටු කෙරෙන සේවාවන් අඛණ්ඩව එලෙසින් ක්‍රියාත්මක කිරීමට අදාළ නාගරික කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් මෙහෙයවීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධාරණය කර ඇත.