සෑම පුරවැසියෙකුටම රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට හිමිකම් ඇත – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

සෑම පුරවැසියෙකුටම රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට හිමිකම් ඇත - ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

සෑම පුරවැසියෙකුටම රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට හිමිකම් ඇත - ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන අප රටේ සෑම පුරවැසියෙකුටම රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට හිමිකම් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසන්නේ, එම අයිතිය වෘත්තීය සමිති, වෘත්තීය ආයතන, සිසුන් සහ පුද්ගලයන් ඇතුළු රටේ විවිධ කණ්ඩායම් විසින් ක්‍රියාත්මක කර ඇති බවයි.

මානව හිමිකම් කොමිසම පවසන්නේ,එවැනි අයිතිවාසිකම් ක්‍රියාත්මක වූ අවස්ථා කිහිපයකදීම විරෝධතාකරුවන් විසුරුවා හැරීමට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් කඳුළු ගෑස්, ජල ප්‍රහාර සහ ලී පොලු භාවිත කර ඇති බවට පැමිණිලි කිහිපයකින් චෝදනා එල්ල වී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීමේ වගකීම දරණ ප්‍රධාන ආයතය ලෙස, විරෝධතා දැක්වීමේ අයිතිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා මෙම තත්ත්වය පරීක්ෂාවට ලක් කළ යුතු එකක් ලෙස තමන් සලකන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එහි දැක්වෙන්නේ, තමන්ට පැවරී ඇති බලතල අනුව කොමිෂන් සභාව මේ තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවයි.

ඊට අදාළ ඕනෑම පුරවැසියෙකු කැඳවා ප්‍රශ්න කිරීම ඔහු සතු ලේඛන පරීක්ෂා කිරීම ඇතුලු විමර්ශනයට තමන්ට නෛතිකව බලයක් ඇති බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *