කිලෝ ග්‍රෑම් 10.5ක රු.මි 160කට අධික වටිනාකමින් යුත් රත්‍රං සහ රන් ආභරණ තොගයක් අත්අඩංගුවට

කිලෝ ග්‍රෑම් 10.5ක රු.මි 160කට අධික වටිනාකමින් යුත් රත්‍රං සහ රන් ආභරණ තොගයක් අත්අඩංගුවට
නීති විරෝධීව මෙරටට ගෙන ඒමට තැත් කළ රත්‍රං තොගයක් සමග සැකකරුවන් පස් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගුව මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් රත්‍රං තොගයේ වටිනාකම රුපියල් මිලියන 160කට අධිකයි.
ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය පැවසුවේ, ඉන්දියාවේ මුම්බායි වෙත යාමට පැමිණි පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරුවන්ගේ ගමන් මලු තුළ සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයා ගත් රත්‍රං සහ රන් ආභරණ තොගයේ බර කිලෝ ග්‍රෑම් 10යි ග්‍රෑම් 500කි.
සැකකරුවන්, ගුවන්තොටුපොළ සංක්‍රමණික ප්‍රදේශය තුළ රැඳී සිටී ඉන්දියානු ජාතිකයෙකු හා සම්බන්ධ වී මෙම ජාවාරම සිදු කර ඇති අතර, ඔහුද පරීක්ෂණ සඳහා අත්අඩංගුවට ගත් බව රේගුව සඳහන් කළේය.