අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වේ

මාස 2ක කාලය තුළ දී ඩොලරයක් වෙනුවෙන් වාර්තා වුණු අඩුම රුපියල් අගය වාර්තා වේ

මාස 2ක කාලය තුළ දී ඩොලරයක් වෙනුවෙන් වාර්තා වුණු අඩුම රුපියල් අගය වාර්තා වේ

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව (01) අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු.351.72ක් සහ විකුණුම් මිල රු.362.95ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන්.

මේ අතර මෙම වසරේ පෙබරවාරි මස 28වන දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 0.4%ක අතිප්‍රමාණයක් වාර්තා කර තිබෙනවා.

අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම වසරේ පෙබරවාරි මස 28වන දින දක්වා කාලය තුළ දී යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *