ශ්‍රී ලංකාව වනජිවි සෆාරි අත්දැකීම් ලබා ගැනීමට හැකි හොඳම රටක් – ෆෝබ්ස් සඟරාව

ශ්‍රී ලංකාව වනජිවි සෆාරි අත්දැකීම් ලබා ගැනීමට හැකි හොඳම රටක් - ෆෝබ්ස් සඟරාව

ශ්‍රී ලංකාව වනජිවි සෆාරි අත්දැකීම් ලබා ගැනීමට හැකි හොඳම රටක් - ෆෝබ්ස් සඟරාව

අප්‍රිකාවෙන් පිටත වනජිවි සෆාරි අත්දැකීම් ලබා ගැනීමට හැකි හොඳම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමට ලෝකප්‍රකට ෆෝබ්ස් සඟරාව කටයුතු කර තිබෙනවා.

හොදම වනජිවි සෆාරි අත්දැකිම් ලබා ගත හැකි සෙසු රටවල් අතරට ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ද ඇතුලත්. වනජිවි සතුන් මෙන්ම මුහුදු සතුන් ද වැඩි වශයෙන් සිටින දූපතක් ලෙස ශ්‍රී ලංකාව බොහෝ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ඇති බවයි ෆෝබ්ස් සඟරාව පවසන්නේ.

ලොව නිශ්චිත භූමි ප්‍රමාණයක වැඩිම දිවියන් ප්‍රමාණයක් සිටින රට වන්නේද ශ්‍රී ලංකාවයි. ආසියානු අලින්, මොණරුන්, මී හරකුන්, වදුරන් සහ වලසුන් ශ්‍රී ලංකාව තුළ නිතර දැක ගැනීමට ලැබීම මෙරටට පැමිණෙන සංචාරකයන්ට ඉතා ඉහළ අත් දැකීමක් බවයි ෆෝබ්ස් සඟරාව සදහන් කරන්නේ.

එසේම ලොව විශාලතම සත්ත්වයා ලෙස සැලකෙන නිල් තල්මසාද ශ්‍රී ලංකාවේ දී දැක ගැනීමට ලැබීම තවත් විශේෂත්වයක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *