නීති විරෝධිව ආනයනය කළ පළිබෝධනාශක තොගයක් අත්අඩංගුවට

නීති විරෝධිව ආනයනය කළ පළිබෝධනාශක තොගයක් අත්අඩංගුවට

නීති විරෝධිව ආනයනය කළ පළිබෝධනාශක තොගයක් අත්අඩංගුවට

නීති විරෝධිව මෙරටට ආනයන කළ පළිබෝධනාශක සමඟ සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

දිවුලපිටිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අදාළ වැටලීම සිදු කර තිබෙයි.

මෙහිදී පිළීබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ අනුමැතිය නොමැතිව හා තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද Ammonium salt of glyhosate වර්ගයේ කෘෂි රසායන ද්‍රව්‍ය පැකට් 2000 ක් අඩංගු උර අටක් සහ Emamectin benzoate පැකට් 200 ක් වෑන් රථයකින් ප්‍රවාහන කරමින් සිටි මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන ඇත

මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇප මත මුදා හැර තිබෙයි

ඔහුගෙන් ලැබුණු තොරතුරකට අනුව කොබෙයිගනේ නිවසක තීබී Ammonium salt of glyphosate පැකට් 670 ක් සමඟ වයස අවුරුදු 50 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *