ඖෂධ වර්ග කිහිපයක් සඳහා විශේෂිත පාලන මිලක් හඳුන්වා දීමට කමිටුවක්

ඖෂධ වර්ග කිහිපයක් සඳහා විශේෂිත පාලන මිලක් හඳුන්වා දීමට කමිටුවක්

ඖෂධ වර්ග කිහිපයක් සඳහා විශේෂිත පාලන මිලක් හඳුන්වා දීමට කමිටුවක්

හඳුනාගත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක් සඳහා විශේෂිත පාලන මිලක් හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයි, සෞඛ්‍ය අමාත්‍ය ‍කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවයි. සති දෙකක් ඇතුළත අදාළ වාර්තාව තමන් වෙත භාරදෙන ලෙස උපදෙස් දී ඇතැයි, කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසු වේය.

දියවැඩියාව, හෘද රෝග ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සඳහා එලෙස පාලන මිලක් හඳුන්වාදීමට නියමිතය.

දිගින් දිගටම වෙළෙඳ පොලේ පවතින ඖෂධ මිල ගණන් ඉහළ යාම සැළකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇතැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *