මැතිවරණ කොමිෂන් සභාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

0
ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක්

ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක්

මුදල් නොමැතිවීම හේතුවෙන්, පළාත් පාලන මැතිවරණය පොරොන්දු වූ පරිදි ලබන මස නව වැනිදා පැවැත්වීමට නොහැකි වන බව මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මගින් මේ සතියේ දී දැනුම් දෙනු ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය ලබන මස 9 වැනිදා ස්ථිරවම පවත්වන වන බව, පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට, මැතිවරණය කොමිෂන් සභාව සභාවට නියෝග කරන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් වූ අවස්ථාවේ මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි.

එම පොරොන්දුව මත,එම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ඉවත් කර ගැනීමට රංජිත් මද්දුම බණ්ඩාර , මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන් ඇතුළු පෙත්සම්කරුවෝ පියවර ගත්හ.

ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් ප්‍රතිඥාව අනුව, මැතිවරණය පැවැත්වීමට නොහැකි වීමෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වන බැවින්,මෙම මෝසම ඉදිරිපත් කරනු ඇතැයි කොම්ෂන් සභා ආරංචිමාර්ග සදහන් කරයි

පළාත් පාලන මැතිවරණය ලබන මස 09 වැනිදා පවත්වන බව ට මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට මීට පෙර දැනුම් දුන් අතර,ඒ අනුව තැපැල් ඡන්දය මේ මස 22, 23, 24 සහ 28 යන දිනවල පැවැත්වීමට තීරණය කර තිබිණි.

එහෙත් මුදල් නොමැතිව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති අතර, තැපැල් ඡන්දය ද නියමිත පරිදි පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත.

මුදල් නොමැතිවීම හේතුවෙන් මැතිවරණය ලබන මස් 09වැනිදා පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් යනු ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com