ළමුන් 900ක් පමණ වාර්ෂිකව පිළිකා රෝගයට ගොදුරු වෙයි

0
2030වන ලොව පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය මිලියන 22ක් දක්වා ඉහළට

2030වන ලොව පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය මිලියන 22ක් දක්වා ඉහළට

වාර්ෂිකව මෙරට ළමුන් 900ක් පමණ පිළිකා රෝගයට ගොදුරු වන බව ජාතික පිළිකා මර්දන ව්‍යාපාරය පවසයි.
එහි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ, ඉන් බහුතරය ලේ පිළිකාවට හෙවත් ලියුකෙමියාවට ගොදුරු වන බවය.

මීට අමතරව අස්ථි ආශ්‍රීත, මොළය ආශ්‍රීත වැනි පිළිකා ළමුන් අතර බහුලව වාර්තා වේ.

එහි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ, බොහෝ ළමුන් අතර වාර්තා වන පිළිකාවල රෝග ලක්ෂණ මුල් අවස්ථාවේදී හඳුනාගෙන නිසි ප්‍රථිකාරවලට යොමු වුණ හොත් සුව කළ හැකි බවයි.

අදට යෙදෙන ජාත්‍යන්තර ළමා පිළිකා දිනය නිමිත්තෙන් පිළිකා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක බවද ඔහු ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com