නවතම හයිබ්‍රිඩ් මිරිස් විශේෂ දෙක නිසා ලංකාවෙි පාරිභෝජනයට අවශ්‍ය වියළි මිරිස් නිපදවා ගැනීමේ හැකියාවක්

නවතම හයිබ්‍රිඩ් මිරිස් විශේෂ දෙක නිසා ලංකාවෙි පාරිභෝජනයට අවශ්‍ය වියළි මිරිස් නිපදවා ගැනීමේ හැකියාවක්

නවතම හයිබ්‍රිඩ් මිරිස් විශේෂ දෙක නිසා ලංකාවෙි පාරිභෝජනයට අවශ්‍ය වියළි මිරිස් නිපදවා ගැනීමේ හැකියාවක්

ලංකාවෙි පාරිභෝජනයට අවශ්‍ය සම්පූර්ණ වියළි මිරිස් ප්‍රමාණය 2025 වනවිට රටෙිම නිපදවා ගැනීමේ වැඩ පිළිවෙළ සාර්ථක වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානය හඳුන්වා දී ඇති ඉහළම අස්වැන්නක් ලබා දෙන නවතම හයිබ්‍රිඩ් මිරිස් විශේෂ දෙක වන MICH-1, MICH-2 සාර්ථක වීම නිසා මෙම ඉලක්කය සපුරා ගැනීමට හැකි වී තිබේ.

එම මිරිස් ප්‍රභේද දෙක කොළ කොඩවීමේ රෝගය (Leaf Curl Complex) වැනි රෝග ගණනාවකට ඔරොත්තු දීමත්, ඉහළ අස්වැන්නක් හා එම මිරිස් බීජවලින්ම කන්න කිහිපයක්ම යන තෙක් උසස් අස්වැන්නක් ලබා ගත හැකි වීමත් නිසා අපේක්ෂිත මිරිස් අස්වැන්න පහසුවෙන් ලබා ගත හැකි ව තිබෙන බව අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 55,000කි. මෙතෙක් නිපදවන ලද්දේ මෙට්‍රික් ටොන් 5000ක් පමණක් වන අතර ඉතිරි 50,000ම ආනයනය කරනු ලැබ තිබේ.

2023 වසරේ දී මෙරට හෙක්ටෙයාර් 18,779ක මිරිස් වගා කිරීමට සැලසුම් කර තිබේ. ඉන් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 13,000කි. එම ප්‍රමාණය සමස්ත අවශ්‍යතාවයෙන් සියයට 25ක් වේ. ඒ අනුව මෙරටට අවශ්‍ය සම්පූර්ණ මිරිස් ප්‍රමාණයම 2025 වනවිට නිපදවීමට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය සුදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *