නෙදර්ලන්තයේ රැකියා දෙන බව පවසමින් විදේශ රැකියා ජාවාරමක්

වසරේ මේ දක්වා කාලයේ දී ලාංකිකයින් 150,000ක් රටින් පිටත් වෙලා

වසරේ මේ දක්වා කාලයේ දී ලාංකිකයින් 150,000ක් රටින් පිටත් වෙලා

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය හරහා නෙදර්ලන්තයේ රැකියා දෙන බව පවසමින් එම අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ව්‍යාජ අස්සනක් සහ අමාත්‍යංශ ලිපි ශීර්ෂයක් භාවිත කරමින් මුදල් රැස්කරන ජාවාරමක් ක්‍රියාත්මක බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය ජාවාරම්වරුවන් සොයා පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

එම ජාවාරම්කරුවන්ට හසුනොවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී එම අමාත්‍යංශය සඳහන් කරන්නේ එම අමාතයංශය විදේශ රැකියා සඳහා කිසිඳු පුද්ගලයෙක් යොමු නොකරන බවයි.

නීත්‍යානුකූල ලියාපදාංචි විදේශ රැකියා නියෝජිත ආයතන පමණක් පුද්ගලයන් රැකියා සඳහා පිටත්කර යවන බවත් එම අමාත්‍යංශයේ ලේකම්වරවයා රැකියා සඳහා කිසිඳු ලිපියකට අස්සන් කර නොමැති බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *