ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ගෙවීමට ඇති රුපියල් බිලියන 6.4ක් මෙතෙක් ලැබී නෑ

ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ගෙවීමට ඇති රුපියල් බිලියන 6.4ක් මෙතෙක් ලැබී නෑ
ගල් අඟුරු මිලදී ගැනීම සඳහා මෙම මාසයේදී රුපියල් බිලියන 20.2ක මුදලක් අවශ්‍ය බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි.
එහි සභාපති ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි.
මේ වනවිට ගල් අඟුරු රැගත් නෞකා 3ක් මෙරටට සේන්දු වී ඇත. ඒවායේ අන්තර්ගත ගල් අඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 60,000 කි. ඉන් එක් නෞකාවක තොග ගොඩබෑම මේ වනවිට සිදුවන බව ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේය.
අනෙක් නෞකා දෙක සඳහා ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 6.4කි. එහෙත්, ඒ සඳහා මෙතෙක් මුදල් ලැබී නැත.