ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදු කර ඇත්නම් ඩයනා අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් අවශ්‍ය නෑ

ඩයනාගේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

ඩයනාගේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදු කර ඇත් නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තුවක් අවශ්‍ය නැතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පවසනවා.

ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය ජාතික හැදුනුම්පත සහ විදෙස් ගමන් බලපත්‍රය පිළිබද විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා ගොණු කළ පැමිණිල්ලක් කැදවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මේ බව සදහන් කළා.

පැමිණිල්ල (09) කැද වූ අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදු කළ පරික්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය ඉදිරිපත් කළා.

පැමිණිලිකාර ඔෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්ෂ කුලරත්න මහතා ප්‍රකාශ කළේ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය වසන් කරමින් මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගෙන ඇති බවයි.

ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සියලු චෝදනා ප්‍රතික්ෂේප කළා. තම සේවාදායිකාව 2014 වසරෙන් පසුව බ්‍රිතාන්‍ය පුරවැසිභාවයෙන් ඉවත්ව ඇති බව ඔහු කියා සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *