ඇමෙරිකාවේ සතුන්ගේ 40%ක්, ශාක වලින් 34%ක් වදවී යාමේ අවධානමක

ඇමෙරිකාවේ සතුන්ගේ 40%ක්, ශාක වලින් 34%ක් වදවී යාමේ අවධානමට

ඇමෙරිකාවේ සතුන්ගේ 40%ක්, ශාක වලින් 34%ක් වදවී යාමේ අවධානමට

ඇමෙරිකාවේ විශාල ශාක හා සතුන් රැසක් වදවී යාමේ තර්ජනයට මුහුණ දී සිටින බව නවතම අධ්‍යනයකින් හෙළිව තිබෙනවා.

එම සමීක්ෂණයට අනුව ඇමෙරිකාවේ සතුන්ගේ 40%ක්, ශාක වලින් 34%ක් වදවී යාමේ අවධානමට ලක්ව ඇති බව ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙලේ සංරක්ෂණ පර්යේෂණ කණ්ඩායමක් සදහන් කරනවා. එමෙන්ම ඇමෙරිකාවේ පරිසර පද්ධතිවලින් 41%ක් කඩා වැටීමට මුහුණ දී සිටින බවද ඔවුන් නිකුත් කල වාර්තාවේ සදහන්. පොකිරිස්සන්, පතොක්, මිරිදිය මත්ස්‍ය වර්ග හා වීනස් ෆ්ලයිට්‍රැප් වැනි සංකේතාත්මක ඇමෙරිකානු විශේෂයන් වදවීමේ තර්ජනයට මුහුණ දී තිබෙනවා.

ඇමෙරිකාවේ හා කැනඩාවේ විද්‍යාඥයින් දහසකට අධික සංඛ්‍යාවකගෙන් එක්කළ දත්ත විශ්ලේෂණය කිරිමෙන් අනතුරුවයි තම වාර්තාව නිකුත් කර ඇත්තේ. දශක පහක පමණ කාලයක් තිස්සේ එක්රැස් කළ දත්තයන් ඊට ඇතුලත්. වාර්තාවට අනුව ඇමෙරිකාව අතිශය භයානක තත්ත්වයට මුහුණ දී ඇති අතර වනජීවි පනත් සම්මත කිරිමේ හදිසි අවශ්‍යතාවයක් මතුව තිබෙන බව පරිසරවේදින් පෙන්වා දෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *