වර්ෂාව නිසා වී වගාවට හානි සිදුව ඇත්නම් වහාම වාර්තා කරන්න

වැස්සෙන් හානි වූ, වී ඇතුළු භෝග 5කට වන්දි
වර්ෂාව නිසා වී වගාවට හානි සිදුව ඇත්නම් වහාම ගොවිජන සේවා මධ්යයස්ථානවලට වාර්තා කරන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.
වර්ෂාව නිසා ඇතැම් දිස්ත්රිරක්කවල වී වගාවට හානි සිදු වී ඇති බවට ලද තොරතුරු සම්බන්ධව අවධානය යොමු කරමින් අදාල වගා හානි සම්බන්ධව වාර්තා ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්යත මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දෙනු දුන්නේය.
වී වගාවට හානි සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය රජයේ මැදිහත්වීම යටතේ වන්දි පිරිනැමීමක් සිදු කරනු ලබන බවත් ඒ අනුව වගා හානි සිදු වූවහොත් හෙක්ටෙයාර් එකකට රුපියල් 100,000ක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන බව ඒ සඳහා කිසිදු දායකත්ව මුදලක් අය නොකරන බවත් අමාත්යාංශය පවසයි.